ශ්‍රී ලංකාවට වාර්තාගත ආදායමක්..

Central Bank of Sri Lanka Sri Lanka
By Aruna Dec 26, 2022 12:28 AM GMT
Report

වාර්තාගත ආදායමක් වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මේ වසර තුළ වාර්තාගත ආදායමක් උපයා තිබේ.

කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඒ අනුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වසරේ රුපියල් මිලියන 1,291ක් උපයා ඇති අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව උපයා ඇති ආදායම රුපියල් මිලියන 414ක් වේ.

එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 672ක් ද රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 4,316ක් ද වශයෙන් ආදායම් උපයා ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now