දේවස්ථානයකින් උණ්ඩ සහත පාර්සලයක් හමුවෙයි

Sri Lanka
By Aruna Dec 25, 2022 07:15 AM GMT
Report

කතෝලික දේවස්ථානයකට පඬුරු ලෙස ටී 56 උණ්ඩ 02 ක් සහිත පාර්සලයක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ මාදම්පේ කතෝලික මීසමේ දේවස්ථාන 8 ක නත්තල් දිව්‍ය පූජාව පවත්වා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඉන් අනතුරුව බැතිමතුන් විසින් පඬුරු පූජා කිරීම සිදු කර තිබුණා.

දිව්‍ය පූජාව අවසන්වීමෙන් පසු පඬුරු ලෙස ලැබී ඇති සියල්ල මාදම්පේ මීසමේ ප්‍රධාන දේවස්ථානය වන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

එම පඬුරු සහික පාර්සල අතර අසාමාන්‍ය පාර්සලයක් ති්බීම හේතුවෙන් එය පරීක්ෂාවට ලක් කර තිබුණා.

එහිදී අදාළ පාර්සලය තුළ තිබී ටී 56 උණ්ඩ 02 ක් සහ ස්වර්ණාභරණවල බර කිරීමට ගන්නා කුඩා මිනුම් පඩි 08 ක්ද තිබී සොයා ගෙන ඇති අප වාර්තාකරු පැවසුවේ.

මෙම උණ්ඩ කුමන දේවස්ථානයකට පඬුරු ලෙස ලබාදුන්නේ ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now