තවත් රාජපක්ෂ ප්‍රභලයෙක් ඉල්ලා අස්වෙන්න යයි!!..

Basil Rajapaksa Gotabaya Rajapaksa Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka
By Aruna Jun 12, 2022 01:07 AM GMT
Report

රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහු ඉදිරි සති කිහිපය තුළ මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව ,දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට බොහෝදුරට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ද ඉකුත් බ්‍රහස්පතින්දා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

මන්ත්‍රධුරයෙන් ඉල්ලා අස්වුවද දේශපාලන කටයුතුවල දිගටම නිරතවන බව ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැරුණුකොට කැබිනට් මණ්ඩලයේ ද රාජපක්ෂවරුන් කිසිවකුත් නොමැති අතර, ඔවුන්ට ඇමතිධුර ලබා නොදීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත.

රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති නාමල් රාජපක්ෂ සහ ,හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now