ලංකාවේ ඉදිරි මාස කිහිපය ගැන භයානක හෙළිදරව්වක්..

By Aruna May 26, 2022 05:19 AM GMT
Report

ඉදිරි මාස 06 තුළ ඇතිවන උද්ධමනය 30%ට 40%ට වඩා පහළට ගෙන ආ නොහැකි බවත්, ඉතිහාසයේ අපි මෙතෙක් අත්දුටු ඕනෑම වසරකට වඩා වැඩි අගයකින් ආර්ථිකය හැකිලෙනු ඇති බවට අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ අදහස් පළකළා.

“ඉදිරි මාස 3-6 ඇතුළත මෙරට සිදුවනු ඇත්තේ සීමිත ආර්ථික ක්‍රියාකාරකම් කිහිපයක් පමණයි.

එනම් ආර්ථිකය හැකිලෙනවා.

මේ වසරේදී ඉතිහාසයේ අපි මෙතෙක් අත්දුටු ඕනෑම වසරකට වඩා වැඩි අගයකින් ආර්ථිකය හැකිලෙනු ඇති බව අපේ අපේක්ෂාවයි.

ඉදිරි මාස 6 තුළ කාටවත් උද්ධමනය 30%ට 40%ට වඩා පහළට ගෙන එන්න බෑ. දුප්පත් හා අවදානම් කාණ්ඩයේ ජනතාවට දැඩි ලෙස බලපාන ප්‍රශ්නය මෙයයි.

විශේෂයෙන්ම රජය සහයෝගයක් ලබා නොදුන්නොත්, අඩු ආදායම්ලාභී දුප්පත් ජනතාවට ඔවුන්ගේ ආදායමෙන් ජීවත්වීම අපහසු වෙනවා.

ඔබට දකින්න ලැබේවි මෙරට දරිද්‍රතා මට්ටම් ඉහළ යනවා. වැඩි දෙනෙක් දරිද්‍රතා මට්ටමට වඩා පහළට වැටේවි.

ආර්ථිකය හැකිළෙන අවස්ථාවක වැඩි දෙනෙකුට රැකියා අහිමිවන ආකාරය අපිට දකින්න ලැබේවි.

ඒ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකි වන නිසයි.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now