ශ්‍රී ලාංකිකයන්ට තීරණාත්මක දවසක්..! කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයන් ඉවතට - නව ක්‍රීඩකයන් සංචිතයට..
ICC ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වේ. තරගය ඔස්ට්‍රේලියාවේ ජිලොන්ග්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.
මේ වන විට පළමු වටයේ "A" කාණ්ඩය යටතේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ එම සටහනේ තෙවන ස්ථානයේ ය. නැමීබියානු කණ්ඩායම එම සටහනේ දෙවන ස්ථානයේ පසු වේ.
ඒ අනුව සුපිරි 12 දෙනාගේ තරගවටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගැනීම අනිවාර්යය වේ.
කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආබාධවලට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඔවුන්ට ඉවත්වීමට සිදුව තිබේ.
වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංක, දුෂ්මන්ත චමීර මෙන්ම ධනුෂ්ක ගුණතිලකට ද මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව බිනුර ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |