හාල්මැස්සෝ බයිට් රෙසිපි.
Healthy Food Recipes
Sri lanka Food Recipes
By Wayomi
හැමදාම හාල්මැස්සෝ කන්නේ තෙල් දාලා, උයලා, සම්බෝල හදලා. ඒ නිසා අද රෙසිපි එක ටිකක් වෙනස් කරමු. (හාල්මැස්සො බයිට්).
අවශ්‍ය ද්‍රව්‍ය
? අමු හාල්මැස්සන් ග්‍රෑම් 100
? මිරිස්කුඩු තේහැඳි 1
? ලුණු හා ගම්මිරිස්කුඩු
? කඩලපිටි කෝප්ප 1/2
? කෝන්ෆ්ලා කෝප්ප 1/4
? කහකුඩු තේහැඳි 1/2
? බැඳීමට තෙල්
සාදාගන්න ආකාරය
? හාල්මැස්සො ටික සෝදලා වතුර අයින් කරගන්න.
? කඩලපිටි වලට කෝන්ෆ්ලා, මිරිස්කුඩු, කහකුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න.
? දැන් මේකට වතුර ටික ටික දාලා උකු බැටර් එකක් හදාගන්න.
? හාල්මැස්සො එකින් එක බැටර් එකේ දාලා රත්වුණු තෙලට දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |