Work Out කරද්දී ගන්න Supplements වල අතුරුආබාධ.

Sri Lanka Healthy Food Recipes
By Wayomi May 26, 2022 04:06 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සෞඛ්‍ය සම්පන්න හැඩැති සිරුරක් ලබාගන්න කවුරුත් කැමැති. දවසම වැඩ කරලා හවසට ආයේ work out කරන්න ගොඩක් කොල්ලෝ, කෙල්ලෝ පුරුදුවෙලා ඉන්නවා. ඒ වගේම තමයි gym ගිහින් work out කරන අතර Supplements ගන්න ගොඩක් දෙනෙක් පෙළඹෙනවා.ඒ, සිරුරේ අවශ්‍ය අමතර පෝෂණය, ශක්තිය, මාංශ පේශි වර්ධනය වැඩි කිරීම සහ ශරීරයේ මේදය අඩු කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. වෙළඳපොලේ ඕන තරම් Supplements වර්ග තියෙනවා. ඒත් work out කරද්දී Supplements ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද?  ?️

ඔබ පළමු වරට Supplements ලබා ගැනීමේදී නම් ඔයාට විශාල ශක්තියක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ ඒවා දිගින් දිගටම ලබා ගන්නවා නම් ඔබ විවිධ ආබාධ වලට ලක් වීමේ ඉඩකඩ වැඩියි.

?️ මේ Supplements වල අඩංගු කැෆේන් හේතුවෙන් ඔබට රාතියේදී නින්ද නොයාම, සැප නින්දක් ලබා ගැනීමට නොහැකි වීම වැනි ගැටළු ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ කෝපි කෝප්ප කිහිපයක් ගැන නෙවෙයි. කැෆේන් අඩංගු Supplements වර්ග ගැනයි.

?️ ඊට අමතරව Supplements වර්ග සඳහා විරේචක අමුද්‍රව්‍ය අඩංගු කර තිබිය හැකියි. ඒ, හේතුවෙන් ඔබේ උදරය සංවේදී උදරයක් නම් ඔබ පාචනය, loose motion වැනි තත්වයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. සාමාන්‍යයෙන් මේවායේ සෝඩියම් බයිකාබනේට්, මැග්නීසියම්, ටෝරීන්, ආර්ජිනින්, යොහිම්බේ, ක්‍රියේටීන් සහ කැෆේන් යන අමුද්‍රව්‍ය බහුලව, එහෙමත් නැත්නම් වැඩිපුර අඩංගු වෙනවා.

?️ විවිධ Supplements වර්ග වල අඩංගු වන අමු ද්‍රව්‍ය වලට ජලය උරාගැනීමේ හැකියාව ඇති අතර ඔබව විජලනයට පත් කර තද හිසරදයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔබට පිපාසය නොමැති විට පවා දවස පුරා ජලය පානය කරන්න. පුළුවන් තරම් උත්ස කරන්න සිරුර සජලීයව තියාගන්න.

?️ විශේෂයේනම ඔබ ලබා ගන්නා ඕනෑම Supplements එකකින් ඔබට අධි රුධිර පීඩන තත්වයන් ඇති කරන්න සමත් වෙනවා.

?️ ඒ වගේම Supplements වල පොදු අතුරු ආබාධයක් වන්නේ ඔබේ ශරීරය පුරා රසවත් හෝ ගොරහැඩි සංවේදනයක් ඇති කිරීම. සාමාන්‍යයෙන් Supplements වල අඩංගු වන නියාසින්, බීටා-ඇලනීන් හෝ විටමින් බී 3 වැනි අමුද්‍රව්‍ය ඔබේ සංවේදීතාව, එහෙමත් නැත්නම් සංවේදනය ඇති කරන්න සමත් වෙනවා. ගොඩක් Supplements වල නියාසින් වැඩි මාත්‍රාවක් ඇතුළත් වන්නේ එම හේතුව නිසාමයි. මොකද Supplements ලබා ගැනීමෙන් පසු ඔබට යමක් දැනෙන්නට, දනවන්නට ඔවුන්ට අවශ්‍යයයි. ඒ, කියන්නේ අදාළ නිෂ්පාදකයන්ට. නමුත් නියාසින් අධික මාත්‍රාව ඔබ සිරුරට ලැබුණොත් සම මත රතු පැහැයක් ගැනීම, කැළැල් සහ කැසීම ඇති විය හැකියි. 

?️ ශරීරයෙන් බැහැර කිරීමට අපහසු බරපතල විෂ එකතු වෙනවා. විටමින් A

?️ රෙටිනෝල්, යකඩ, මැංගනීස් සහ කලාතුරකින් අක්මාව තුළ තඹ එකතු වෙයි.

?️ මේවායේ අඩංගු විටමින් බී 2 - රයිබොෆ්ලැවින් මුත්‍රා කහ පැහැයට හැරවීම, බීටා-කැරොටින් සමට කහ/තැඹිලි පැහැයක් ඇති කිරීම, අතිරික්ත මැග්නීසියම් සහ විටමින් සී පාචනය ඇති කිරීම, යකඩ ආමාශ, බඩවැලේ ආබාධ ඇති කරයි සහ දහඩියට මාළු ගඳක් ඇති කරයි.

?️ සමහර පෝෂ්‍ය පදාර්ථ ඉහළ මාත්‍රාවලින් අඩංගු වීම හේතුවෙන් පිළිකා වර්ධනය වීමේ අවදානම පවතිනවා.  


මේ හේතුන් නිසා ඔබ Supplements ලබාගැනීමට පෙර Supplements අලෙවි ප්‍රවර්ධක කටයුතු වල නියැලෙන වෛද්‍යවරු හමුනොවී වෙනත් සුසුදු සහ විශ්වාසවන්ත වෛද්‍යවරයෙක් හමු වී උපදෙස් ගන්න.