ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ වීසා ලිපි ඉල්ලීම් ලැයිස්තුවට ගිය ක්‍රීඩා ඇමතිගේ දියණියන්. (PHOTO)

Roshan Ranasinghe Sri Lanka Cricket Sri Lanka
By Wayomi Jul 29, 2023 06:17 PM GMT
Report

පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු වීසා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමත ලිපි ලබාගත් පුද්ගලයන් අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ දියණියන් දෙදෙනා සිටින බව පුවත්පත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, අනුව මෙම විසා ලැයිස්තුව අතරට ක්‍රීඩා අමාත්‍යවරයාගේ දියණියන් ලෙස සැලකෙන ආර්.ඒ.ෂෙනාලි දිනුෂිකා සහ ආර්.ඒ.සාරා දිනාලිගේ යන අයගේ නම්ද ඇතුළත් වී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ වීසා බලපත්‍ර අවශ්‍යතා සඳහා පුද්ගලයින් ලෝක කුසලානය නැරඹීමට යන බවට ලිපි නිකුත් කළත් ඔවුන්ගේ සංචාර සඳහා මුදල් ලබා නොදුන් බවත් ඒ සඳහා වැය වූ එකම වියදම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට පමණක් බවත් එම වාර්තා වල දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් අදාල පුවත්පත කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමාට අවශ්‍ය නොවන බවයි.


උපුටා ගැනීම - ඩේලි මිරර්



Gallery