ලංකාවේ ජනප්‍රිය පිහිනුම් ශූරියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරපු ප්‍රභල චරිතය..

Sri Lanka Police Sport Fishing Sri Lanka Department of Prisons Sri Lanka
By Aruna Aug 22, 2023 06:57 AM GMT
Report

ජනප්‍රිය පිහිනුම් ශූරියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර වට්ස්ඇප් තාක්ෂණය හරහා සමූහවලට හුවමාරු කෙළේ යැයි මෙරට ප්‍රසිද්ධ සමාගමක අධ්‍යක්ෂවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊයේ (21) එම අධ්‍යක්ෂවරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර සිටියේ, මෙම සැකකරු අසභ්‍ය ප්‍රකාශන පනත අනුව වරදක් සිදු කර ඇති බවයි.

මෙම සුප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයා අදාළ පැමිණිලිකාරිය වන ජනප්‍රිය පිහිනුම් ශූරියගේ නිරුවත් ඡායරූප සන්තකයේ තබාගෙන වට්ස්ඇප් ඔස්සේ ජංගම දුරකථන සමූහයකට ප්‍රචාරය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම ඡායාරූප සන්තකයේ තබා ගැනීම, ප්‍රචාරය කිරීම අසභ්‍ය පනත ප්‍රකාරව ලිංගික අතවරයක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

තම සේවාදායකයා ඔහුගේ ජංගම දුරකතනයේ වට්ස්ඇප් සමූහයකට ලැබුණු එම ඡායාරූප තවත් සමුහයකට යැවීම පමණක් සිදු කළ බවයි සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ.

මෙම සිද්ධියට අදාළව තමන් වරදක් කළ බවට සැකකරු අධිකරණය හමුවේ වරද පිළිගත් බැවින්, ඒ අනුව, සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් සැකකරුට ඇප ලබා දී ඇත.

මෙම සිද්ධියට අදාළ නඩුව ලබන මස 4 වන දා තෙක් කල් තැබුණා.