විශේෂ රථවාහන මෙහෙයුමක් - රියදුරන් 24කට තහනම් නියෝග
Latest Headlines
Sinhala news
Puwath.lk
Traffic Jam
By R.rishma
වැල්ලවාය සහ ඌව කුඩාඔය පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම මෝටර් රථ පරීක්ෂක නිලධාරීන් එක්ව සිදු කළ විශේෂ රථවාහන පරීක්ෂණ මෙහෙයුමකදී රියදුරන් 24 දෙනෙකුට තහනම් නියෝග නිකුත් කර තිබේ.
මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී ලෙස අමතර කොටස් සවිකර ධාවනය කළ වාහන සහ අබලන් තත්ත්වයේ පැවති වාහන විශේෂයෙන් පරීක්ෂාවට ලක්කර ඇත.
ඒ අනුව, අබලන් තත්ත්වයේ වාහන ධාවනය කිරීම සහ විවිධ නීතිවිරෝධී අමතර කොටස් සවිකර ධාවනය කිරීම සම්බන්ධයෙන් වාහන 24ක රියදුරන්ට තහනම් නියෝග පනවා ඇති බව පොලීසිය සඳහන් කළේය.
අදාළ රියදුරන්ට තම වාහනවල පවතින අඩුපාඩු දින 14ක් ඇතුළත නිවැරදි කර ගැනීමට අවස්ථාව ලබාදී ඇති අතර, එම කාලසීමාව තුළ නියමිත පරිදි දෝෂ නිවැරදි නොකළහොත් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.