උත්සව සමය වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

Sri Lanka Police Investigation Latest Headlines Sinhala news
By Mithu Dec 22, 2025 08:55 AM GMT
Report

එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කරමින්, සාමකාමීව උත්සවය සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ අරමුණෙන් යුද හමුදා මූලස්ථානය මධ්‍යස්ථානය කරගෙන මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ.

මෙම මෙහෙයුම් මැදිරිය, උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සමීප සහයෝගීතාවයක් සහතික කරන ප්‍රධාන සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කරනු ඇත.

ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ මූලික අරමුණ වන්නේ, උත්සව සමයේ මතු විය හැකි ඕනෑම ආරක්‍ෂක අභියෝගයකදී හෝ හදිසි තත්ත්වයකදී කඩිනම්, විධිමත් සහ ප්‍රශස්ත ප්‍රතිචාර දැක්වීමයි.

ආපදා අස්සේ සිග්නල් නැති වුණ දුරකථන සමාගම්වලට වැඩ වරදී

ආපදා අස්සේ සිග්නල් නැති වුණ දුරකථන සමාගම්වලට වැඩ වරදී

යාවත්කාලීන තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම, කාලෝචිත තීරණ ගැනීම සහ සියලු ආරක්‍ෂක අංශවල මෙහෙයුම් සූදානම ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන ඇත.

මෙම යාන්ත්‍රණය හරහා උත්සව සමය පුරා මහජන ජීවිත සුරක්‍ෂිත කිරීම, රජයේ සහ පෞද්ගලික දේපළ ආරක්‍ෂා කිරීම සහ බලධාරීන්ට වැඩිම සහයෝගීතාවයක් සැලසීමේ අරමුණ ඉටු කරනු ඇත.

සිරිමාවෝ දියණියගේ සිද්ධිය ගැන ආදි ශිෂ්‍යා සංගමයත් කට අරියි

සිරිමාවෝ දියණියගේ සිද්ධිය ගැන ආදි ශිෂ්‍යා සංගමයත් කට අරියි

මහජනතාවට කිසිදු බාධාවකින් තොරව සාමකාමීව උත්සවය සැමරීමට හැකි වන පරිදි සුරක්‍ෂිත පරිසරයක් පවත්වාගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම මෙමගින් අවධාරණය කෙරේ