රජයේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන ගැන විශේෂ දැනුම්දීමක්
සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ රජයේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 28 දක්වා දීර්ඝ කර තිබේ.
“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපාﹸﹸ තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම එලෙස දීර්ඝ කර ඇත.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මීට පෙර නිවේදනය කර තිබුණේ අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් මස 15 වනදායින් අවසන් කරන බවය.
දැනට සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ජීවනාධාර සහ මහජන ආධාර ලබන සියලුම ප්‍රතිලාභීන්, පොරොත්තු ලේඛනයේ සිටින අයදුම්කරුවන්, සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තු වන සියලු පිරිස් ද නව වැඩසටහන යටතේ ලියාපදිංචිවීම අනිවාර්ය බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) මීට අදාළ අයදුම්පත ඕනෑම අයෙකුට බාගත කරගත හැකිය. වැඩි විස්තර 0112 151 481 සහ 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් ලබාගත හැකිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |