පොලිස් නිලධාරීන්ගේ නීතිවිරෝධි වත්කම් සොයා විශේෂ විමර්ශන
පොලිස් නිලධාරීන්ගේ ආදායමට වඩා වත්කම් උපයාගැනීම සහ සංවිධානාත්මක අපරාධකරුවන් හෝ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සමීප ඇසුරක් පවත්වන උසස් පොලිස් නිලධාරීන් හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර ඇත.
මෙම විමර්ශනවලදී පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දක්වා වූ ඉහළ පෙළේ නිලධාරීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.
විමර්ශනවලදී හඳුනාගනු ලබන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට තොරතුරු ලබාදීමට කටයුතු කරනු ඇත. ඒ සමගම, නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ගැඹුරු පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇත.
එලෙස හඳුනාගනු ලබන නිලධාරීන්ට එරෙහිව අල්ලස් කොමිසම හරහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, නීතිවිරෝධි වත්කම් පිළිබඳ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන පැවැත්වීමටත් පොලිස් මූලස්ථානය කටයුතු කරන බව සඳහන් වේ.