ගැබිණි මව්වරුන්ට විශේෂ නිවේදනයක්..

Sri Lanka
By krishani Jun 30, 2022 08:07 AM GMT
Report

ඉන්ධන අර්බුදය හමුවේ හදිසියේ රෝහල්ගත වීමට පහසුකම් නොමැති ගැබිනි මව්වරුන් දෙසතියකට පමණ පෙර රෝහල්ගත වීම සුදුසු වන බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය දැනුම් දේ.

වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ නිවෙස්වල දරු ප්‍රසූතිය සිදු කිරීම මවට මෙන්ම අලුත බිහිවන දරුවාට ද අවදානම් විය හැකි බවය.