ලිට්රෝ සමාගමෙන් හදිසි නිවේදනයක් - ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
නොවැම්බර් මාසය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන 3ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකියාව පවතින බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
එහි විකුණුම්, අලෙවි හා ආයතනික සබඳතා අධ්යක්ෂ ජනක පතිරත්න මහතා සඳහන් කළේ, සියලුම වාණිජ පාරිභෝගිකයන්ගේ අවශ්යතා ද සපුරාලමින් රටේ සමස්ත ගෑස් අවශ්යතාව සපුරා ගැනීමට හැකි වනු ඇති බවයි.
සාමාන්යයෙන් මාසිකව ලිට්රෝ ගෑස් සමාගමට මෙට්රික් ටොන් 32,000ක් සහ තරගකාරී සමාගමට මෙට්රික් ටොන් 6,000ක් වශයෙන් සමස්ත ගෑස් අවශ්යතාව මෙට්රික් ටොන් 38,000ක් පමණ වන බව ද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, වර්තමාන ඉල්ලුම සැලකිල්ලට ගනිමින් නොවැම්බර් මාසය සඳහා මෙට්රික් ටොන් 44,000ක ගෑස් තොගයක් ජියෝ ගෑස් ආයතනය හරහා ඇණවුම් කර තහවුරු කර තිබෙනවා.
මේ අතර, මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් 'Goodwill' නෞකාවේ ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර, තවත් මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් 'Quarantine' නෞකාව නොවැම්බර් 01 වැනිදා දිවයිනට ළඟා වීමට නියමිතයි.
ඒ අනුව අද (31) පස්වරුව වන විට කොළඹ ප්රදේශයේ ගෑස් බෙදාහැරීමේ කටයුතු සාමාන්ය පරිදි සිදුකිරීමට හැකි වන අතර, අනෙකුත් ප්රදේශවල ගෑස් බෙදාහැරීම ද හෙට (01) සිට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ජනක පතිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.