කළුතර ජනතාවට විශේෂ දැනුම්දීමක්
Kalutara
Water Cut
Water Board
Latest Headlines
Sinhala news
By R.rishma
කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කෙත්හේන ජල පවිත්‍රාගාරයේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බව එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව, ඔක්තෝබර් 08 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කළුතර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව, පිළමිනාවත්ත ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, අවශ්‍ය ජලය කල්තියා රැස්කර තබා ගන්නා ලෙසත්, එම ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.