කෙටුම්පත් 04ක් කථානායක සහතික කරයි.
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Mahinda Yapa Abeywardena
                
                                                
                    Government Of Sri Lanka
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා ඊයේ (23) සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබුවා.
එහිදී ඇටෝර්නි බලතල (සංශෝධන), වංචා වැළක්වීමේ (සංශෝධන), සමථ මණ්ඩල (සංශෝධන) සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාල යන පනත් කෙටුම්පත් වලට කථානායකවරයා සිය සහතිකය සටහන් කර ඇත.
ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 01 දරන ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාල පනත, 2024 අංක 02 දරන සමථ මණ්ඩල (සංශෝධන) පනත, 2024 අංක 03 දරන ඇටෝර්නි බලතල (සංශෝධන) පනත සහ 2024 අංක 04 දරන වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත ලෙස ඊයේ (23) සිට බලාත්මක වනු ඇති.
                
                