තාවකාලික දුරකථනයක් භාවිතා කරන්නැයි විශේෂ දැනුම්දීමක්..!

Mobile Phone FBI Olympic Cyber
By Sewvandhi Feb 03, 2022 08:09 AM GMT
Report

2022 ශීත සෘතු ඔලිම්පික් උලෙළ සඳහා එක්වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නරඹන්නන්ට තාවකාලික ජංගම දුරකතනයක් භාවිතකරන ලෙස FBI ආයතනය දන්වා තිබේ. 

 සයිබර් ක්‍රියාකාරකම් හේතුවෙන් උලෙළට ඇතිවිය හැකි බාධා සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති පසුබිමක මේ නිවේදනය නිකුත් කර තිබුණි.

එමෙන්ම අනිසි මෘදුකාංග හෝ ලුහුබැඳීය හැකි උපාංග ජංගම දුරකතනවලට සවිකිරීමට ඇති අවදානමද මෙහිදී අවධානයට ලක්ව ඇතැයි සදහන් වෙයි.

මේ නිසා සිය පෞද්ගලික දුරකතන චීනය වෙත රැගෙන නොයන ලෙසත් FBI ආයතනය දන්වා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now