කැබිනට් ඇමතිවරු හදිසියේම කැඳවයි - කරන්න යන දේ මෙන්න..

Electricity UdayaGammanpila Sapugaskanda Norochhole
By Sewvandhi Feb 21, 2022 05:05 PM GMT
Report

විශේෂ කැබිනට් රැස්වීමක් හෙට (22) දිනයේ පැවැත්වීමට තීරණය කර තිබේ.

අද (21) පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

ආරංචි මාර්ග සඳහන් අකරන්නේ පවතින බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙලෙස කැබිනට් මණ්ඩලය රැස්වන බවය.

ඉංජිනේරුවන් පවසන්නේ කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයද නැප්තා අවසන් වීමෙන් අද රාත්‍රී වනවිට නවතා දැමීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් කැළණිතිස්ස සුජිස්ට් බලාගාරයට ලබාදෙන ඉන්ධන මෙට්්‍රක් ටොන් 1000 හැර අක්‍රීය වූ සෙසු බලාගාරවලට ඉන්ධන ලබාදිම සම්බන්ධයෙන් මෙතෙක් තෙල් සංස්ථාව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මෙවැනි පසුබිමක අද දිනයේ අපේක්ෂිත මෙගාවොට් 2700කට ආසන්න දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම පිළිබඳ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ අනුව විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුවක් සිදු කිරීමට උපයෝගිතා කොමිසමෙන් කළ ඉල්ලීමට අවසර හිමි වුණා.

..........................................

You may like this video..