අනිද්දා සිට ක්‍රියාත්මක විශේෂිත බස්රථ සහ දුම්රිය සේවාව - ප්‍රවාහන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්.
පොදු ප්‍රවාහන සේවය වඩාත් ඵලදායී ලෙස යොදාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් හඳුන්වා දී තිබේ.
ඒ අනුව ප්‍රවාහන ගාස්තු විශාල ලෙස ඉහළ යාම සහ ප්‍රවාහන පිරිවැය ඉහළයාම හමුවේ විශේෂ දුම්රිය කිහිපයක් දුම්රිය සේවාවට හඳුන්වා දී තිබේ.
ඒ අනුව කොළඹ සිට නුවර දක්වා නව සීඝ්‍රගාමී සුඛෝපභෝගී දුම්රිය සේවාවක් හඳුන්වා දී තිබේ.
එනම්, ඉන්ධන අර්බුදය හමුවේ අපහසුතාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් අනිද්දා දිනයේ සිට නව දුම්රිය සහ කාර්යාල මෙන්ම පාසල් බස්රථ සේවාවක් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්ණ කළේ ඉන්ධන හිඟයක් පවතින අවස්ථාවක ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්නයි.
මේ අතර, ඉන්ධන රැගත් තවත් ඩීසල් නෞකාවක් දිවයිනට ලගා වී ඇති අතර එය මේ වන විට උස්වැටකෙයියාව පමුණුගම මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙනවා.
ඉන්ධන අර්බුදය හේතුවෙන් බවුසරවලට ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණය අවම වී ඇති බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සදහන් කලේ. කෙසේ වෙතත්, පෙට්‍රල් සහ ඩීසල් නොලැබීමෙන් ජනතාවට සිදුවු ඇත්තේ තවදුරටත් මහමග සිය කාලය ගෙවා දැමීමටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |