ඇඳිරි නීතිය සම්බන්ධව ජනපති අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..

Curfew Police Army Sri Lanka Gotabaya Rajapakshe Spacial gazette
By Aruna Apr 03, 2022 02:43 AM GMT
Report

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳීරි නීතියට අදාළව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, කිසිඳු පුද්ගලයෙකු අනවසරයෙන් පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක, වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ නොසිටිය යුතු බවට සඳහන් කරමින්.

ආරක්ෂක අමාත්‍යංශය හෝ එහි ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යංශය, පොලිස්පති හෝ ඔවුන් විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කිසිඳු පුද්ගලයෙකුට එම ස්ථානවලට යාමට නොහැකි බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

දිවයිනටම බැලපැවැත්වෙන පරිදි ඊයේ පස්වරු 06 ට පැනවූ ඇඳිරි නී‘තිය හෙට පෙරවරු 06 දක්වා ක්‍රියාත්මකයි.

අදාල ගැසට් නිවේදනය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery