අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..එම සේවාවන් මෙන්න..
Presidential Secretariat of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka
By Aruna
සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවට හඳුනාගත් සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත යි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව පහත සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරෙනු ඇති.
* විදුලි බල සැපයීම සම්බන්ධ ව සියලු සේවාවන්
* ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම
* රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරිම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ ව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑ ම විස්තරයක සියලු ම සේවා, වැඩ හෝ ශ්‍රමය.
නිකුත් වූ සම්පූර්ණ ගැසට්ටුව පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
