ඉන්ධන මිලට කුමක් වෙයි ද ?එකවරම ගත් තීරණය මෙන්න..ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Kanchana Wijesekera Fuel Price In World
By Aruna Jun 26, 2024 06:15 AM GMT
Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.

ලංකා තෙල් නීතිගත සංස්ථාව(CPC) ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලැස්ම යටතේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරිපහදුව, ඉන්ධනවල ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව, ධාරිතාව සහ පිරිවැය අඩුකිරීම සඳහා අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ඉහළ නැංවීම වෙනුවෙන් වෙනම රජය සතු සහ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස පිහිටුවනු ඇති බවයි, සිය X ගිණුම හරහා සටහනක් තබමින් ඇමතිවරයා සඳහන් කළේ.

දිවයින පුරා පාසල් 10026 වැසෙයි..අපේ සුබ ආරංචිය දිහා බලන්න..

දිවයින පුරා පාසල් 10026 වැසෙයි..අපේ සුබ ආරංචිය දිහා බලන්න..


මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට අනුමත සේවක පිරිස සහ වැටුප් ව්‍යුහය ද සංශෝධනය කෙරෙන අතර බහුවිධ කාර්යයන් සහ සේවා සඳහා ඩිජිටල් වේදිකාවන් හඳුන්වාදෙනු ඇති බව ද අමාත්‍යවරයා සිය සටහන මගින් දන්වා තිබේ.

ඊයේ (25) දිනයේ දී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කාල නියමය සහ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ පිරිපහදුවෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග පවත්වා තිබීම ද විශේෂත්වයක්.

පාසල් ළමුන් 30කට නොසිතූ ප්‍රහාරයක්..සිසුන් 22ක් හා සිසුවියන් 8ක් රෝහලගත කරයි..

පාසල් ළමුන් 30කට නොසිතූ ප්‍රහාරයක්..සිසුන් 22ක් හා සිසුවියන් 8ක් රෝහලගත කරයි..


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%