කැනඩා තරුණියක්ව මසාජ් කරපු ඇල්ලේ තෙරපිවරයා කරපු වැඩේ මාට්ටු වෙයි..

Police spokesman Sri Lanka Police Sri Lanka Canada
By Aruna Jul 12, 2023 04:07 AM GMT
Report

සම්භාහන මධ්‍යස්ථානයක් තුළ දී කැනඩා ජාතික කාන්තාවකට අතවර කළ තෙරපි වරයෙකු සොයා ඇල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ තිබෙන මෙම විදෙස් කාන්තාව ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ඇල්ල පස්සර මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් ඇති බවයි පැවසෙන්නේ.

එහිදී ඇය සම්බාහන සේවය ලබාගන්නා අවස්ථාවේ දී ඇයට අතවර සිදුකළ බවට ඇල්ල පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඇල්ල පොලිසිය පොලීසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.