දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 3ක් ගැටී අනතුරක් - දෙදෙනෙකුට තුවාල

Accident Highways In Sri Lanka Latest Headlines Sinhala news SriLanka - Puwath
By R.rishma Aug 11, 2026 07:01 AM GMT
Report

අද (11) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

කොක්මාදූව සහ ඉමදූව අතර 115 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරෙන් එක් වාහනයක් පෙරළී ඇති අතර, පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.