සැලකිලිමත්වන්න..! එක් පළාතක ATM වලට සිදුවන දේ..

Sri Lanka Police Sri Lanka Southern Province
By Sewvandhi Dec 31, 2022 08:46 AM GMT
Report

රාජ්‍ය බැංකු තුනක ATM යන්ත්‍ර වලින් රුපියල් කෝටියකට අධික මුදල් සොරාගෙන ගොස් තිබේ. ඒ දකුණු පළාතේ හික්කඩුව, ගාල්ල හා බද්දේගම නගරවල පිහිටි ඒටීඑම් යන්ත්‍ර වලිනුයි.

ඒ ටි එම් යන්ත්‍රවල ඇති පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළුවී මෘදුකාංග වෙනස් කර එක් ඒටීඑම් යන්ත්‍රයකින් රුපියල් හතලිස් හය ලක්ෂ අසූ දහසක් තවත් යන්ත්‍රයකින් රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් හා අනෙක් යන්ත්‍රයෙන් රුපියල් පනස් හත් ලක්ෂයක් මෙලෙස ප්සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

විදේශකයින් බවට සැකකරන පිරිසක් එම කුටි තුළ සවිකර තිබෙන සිසිටිවි කැමරා වලට ස්ටිකරයක් වැනි යමක් අලවා එකම ආකාරයෙන් මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය කියයි. මෙම මහා පරිමාණ මුදල් වංචාවට එකම පිරිසක් සම්බන්ධ බවට සැකකරන අතර හික්කඩුව, ගාල්ල හා බද්දේගම යන පොලිස් ස්ථානවලින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now