චෙක් ජනරජය පරදා දකුණු කොරියාව තරගය ජය වර්තා කරයි

Football South Korea FIFA World Cup Sinhala news Czech Republic
By Malith Madushan Jun 12, 2026 07:20 AM GMT
Report

දකුණු කොරියාව සහ චෙක් ජනරජය අතර පැවති ලෝක කුසලාන පාපන්දු තරගයෙන් ගෝල 2-1ක ජයක් වාර්තා කිරීමට දකුණු කොරියානු කණ්ඩායම සමත් විය. 

පළමු අර්ධයේදී දකුණු කොරියාව ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් අනුගමනය කළ අතර, නායක සොන් හියුං-මින් (Son Heung-min) විසින් ප්‍රහාරාත්මක උත්සාහයන් කිහිපයක්ම එල්ල කළද, පළමු අර්ධය අවසන් වන විට ගෝල 0–0ක් ලෙස වර්තා උනා.

තරගයේ පළමු ගෝලය 59 වැනි මිනිත්තුවේදී චෙක් ජනරජයේ ලැඩිස්ලාව් ක්‍රේජ්සි (Ladislav Krejčí) විසින් වාර්තා කළේය. ඉන් අනතුරුව, 67 වැනි මිනිත්තුවේදී දකුණු කොරියාවේ හ්වාං ඉන්-බියොම් (Hwang In-beom) ලබාගත් ගෝලයත් සමග තරගය 1–1 ලෙස සමාන විය.

පසුව 79 වැනි මිනිත්තුවේදී ඔහ් හියුන්-ගියු (Oh Hyeon-gyu) ලබාගත් ජයග්‍රාහී ගෝලයත් සමග දකුණු කොරියාව තරගය 2–1 ලෙස ජයග්‍රහණය කළේය.