දකුණු අප්‍රිකාවෙන් ප්‍රබල පිතිකරණයක්..! පන්දු වාර අවසානයේ දී රැස්කරගත් ලකුණු මෙන්න..

Cricket Bangladesh Cricket Team South Africa National Cricket Team
By Sewvandhi Oct 27, 2022 05:17 AM GMT
Report

රයිලි රොසෝ ලබාගත් ප්‍රවේගකාරී ශතකය හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 205ක් රැස්කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.

20/20 ලෝක කුසලාන තරගාවලියේ මෙම තරගය සිඩ්නි හි පැවැත්වෙන අතර තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මුළු ලකුණු සංඛ්‍යාව 07ක්ව තිබියදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක ටෙම්බා බවූමා ලකුණු 02කට දැවී ගියේය.

අනතුරුව පිටියේ එක්වූ ක්වින්ටන් ඩි කොක් සහ රොසෝ දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 163ක් එක් කළහ. ඩි කොක් පන්දු 38කදී ලකුණු 63ක් ලබාගත් අතර රොසෝ පන්දු 59කදී ලකුණු 109ක් රැස්කළේය.

ඊට 6 පහර 8ක් ඇතුළත් විය. ඒ අනුව සිය පන්දු ඕවර 20 නිමවන විට දකුණු අප්‍රිකාව කඩුලු 05කට ලකුණු 205ක් රැස්කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now