ඉන්දීය දකුණු අප්‍රිකා තරගයේ ජය පරාජය තීරණය..

By Sithumi Oct 30, 2022 02:47 PM GMT
Report

20/20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (30) පැවැති තරගය ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි. තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 9ක් දැවී ලකුණු 133ක් රැස්කළේය. එහිදි ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් සූර්යකුමාර් යාදව් ලකුණු 68ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ Lungi Ngidi වෙනුවෙන් කඩුලු 4ක් දවාගත්තේය.

ඒ, අනුව තරගය ජයගැනීම සඳහා ලකුණු 134ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 5ක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළේය.