අපේ කෙසෙල් නිසා ඇඹුල් වෙන ඩුබායි වෙළඳපොළ

Mahinda Amaraweera Sri Lanka Dubai
By Sewvandhi Nov 11, 2022 04:17 PM GMT
Report

  ශ්‍රී ලංකා ආර්ථිකය විදේශ විනිමය හිඟයෙන් පෙළෙමින් සිටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගෙන නව කෘෂි තාක්ෂණය යොදා ගනිමින් රාජංගණයේ වගා කළ ඇඹුල්කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසනවා.

කෘෂි ආදර්ශ උද්‍යාන වැඩපිළිවෙළ යටතේ වගා කළ ඇඹුල්කෙසෙල් අස්වැන්නේ පළමු කෙසෙල් තොගය මෙම මස 26 දින අපනයනය කිරීම නියමිත අතර එළැඹෙන සෑම සෙනසුරාදාවකම කිලෝග්‍රෑම් 12,500 බැගින් ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳ පොළ වෙත යැවීමට කටයුතු යොදා තිබේ.

නව කෘෂි තාක්ෂණය යොදා ගනිමින් වගා කර ඇති රාජංගණය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 200 න් සමන්විත වෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now