සූර්යයාගේ සමීපයටම ගිය Solar Orbiter මෙහෙයුම. (VIDEO)
නාසා ආයතන සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) එක්ව කළ Solar Orbiter මෙහෙයුමේදී ප්‍රතිඵලයක් ගැනයි මේ කියන්න යන්නේ. එහිදී ඔවුන් විසින් දියත් කළ සූර්ය නිරීක්ෂණ චන්ද්‍රිකාව අවසන් වරට සූර්යයාගේ සමීපයට යන්න සමත්ව තිබෙනවා.
☀? යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) විසින් 2020 වසරේ පෙබරවාරී මස 10 වනදා අභ්‍යවකාශ ගත කරන ලද “Solar Orbiter” නම්, සූර්ය නිරීක්ෂණ චන්ද්‍රිකාව පසුගිය ඔක්තෝබර් 13 වනදා අලුයම 12.42 ට පමණ සූර්යයාට අවසන් වරට සමීප වුණා.
☀? නමුත් එය කිරීමට පෙර. සූර්යයා එහි සියලු තේජසින් දිලිසෙන, සූර්ය පිපිරුම් වලින් පිපිරෙන සහ ඉරිතැලීම් නිරූපණය කරන රූප අනුපිළිවෙලක් ලබාගෙන තිබෙනවා.
☀? ඒ අනුව එම චන්ද්‍රිකාවේ සවිකර ඇති “Extreme Ultraviolet Imager” (EUI) නම්, කැමරාව භාවිතයෙන් අපේ පියවි ඇසින් දැකගත නොහැකි ආලෝක තත්වයන් තුළදී, අධිබලැති පාරජම්බුල කිරණ උපයෝගී කර ගනිමින් මිනිස් ඇසට දැකගත හැකිවන අයුරින් පසුගිය සැප්තැම්බර් මස 20 වනදා සිට ඔක්තෝබර් 10 වනදා දක්වා දින 20 ක කාලයක් තුළ සූර්යයාගේ අධි විභේදන ඡයාරූප ලබාගෙන තිබෙනවා.
☀? මෙහි ආලෝකයේ මුල් තරංග ආයාමය මිනිස් ඇසට නොපෙනෙන නිසා රූපවල වර්ණ කෘතිමව එකතු කර තිබෙනවා.
☀ ?පරිපූර්ණ ලෙස සූර්යයා දිස්වන මෙම වීඩියෝව තුළින් සූර්ය පෘෂ්ඨය මත පවතින සූර්ය ලප පවා පැහැදිලිව දැකගත හැකි වන අතර, එම ස්ථාන දීප්තියෙන් වැඩි ස්ථාන ලෙස නම් කර ඇති අතර, සූර්ය ක්‍රියාකාරීත්වය ඉතා පැහැදිලිව දැක ගත හැකි වන අයුරින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඡායාරූප උපයෝගී කර ගනිමින් නිර්මාණ කෙරූ වීඩියෝව මෙය වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |