සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka
By Sithumi Sep 08, 2022 11:52 AM GMT
Report

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි ඒ අනුව අදාළ පණතට පක්ෂව ඡන්ද 91ක් ලැබුණු අතර එයට විරුද්ධව ඡන්ද 10ක් ලැබී තිබුණි. සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබිණි.

අදාළ පනත් කෙටුම්පත විවාදයකින් තොරව පෙරේදා දිනයේ සම්මත කර ගැනීමට නියමිතව තිබුණ ද පනත් කෙටුම්පත සඳහා විවාදයක් අවශ්‍ය බවට මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීමකට අනුව එම විවාදය අද පැවැත්විණි.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සඳහා විවාද කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා යන මහත්වරුන් කථානායකවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගනු ලැබිණි.

ඒ අනුව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 2022 වර්ෂය සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය වෙනත් දිනයකදී පැවැත්වීමට නියමිතය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now