දාන මුදලට 04 ගුණයක් ලැබෙන අලුත් ක්‍රමයක්..හැමෝම මේ ගැන දැනුවත් වන්න.

CID - Sri Lanka Police Police spokesman Facebook Sri Lanka Social Media Social Media
By Aruna Jul 11, 2024 12:38 AM GMT
Report

මුහුණු පොත හරහා අමතර ආදායමක් ලෙස මුදල් ඉපැයිය හැකි බව පවසමින් සිදුකරනු ලබන මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ දිනවලදී තොරතුරු වාර්තා වන බව විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ අනුකූලතා මේනකා පතිරණ මහත්මිය පවසනවා.

තම පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් පසුව මේ හරහා යම්කිසි මුදලක් යෙදවූ විට එම මුදල දෙගුණයක් බවට පත්ව තම බැංකු ගිණුම වෙත නැවත ලැබෙන බව පවසන බවත් මුදල් යෙදවූ පළමු අවස්ථාවේ එය දෙගුණයක් බවට පත්වූ බවට දුරකථනය වෙත කෙටි පණිවුඩයක් ලබාදී විස්වාසය තහවුරු කරගන්නා බවත් ඇය කියා සිටියා.

අද මේ ලග්න වල අය කන බොන කෑමෙන් පරිස්සම් වන්න..නැතිනම් කෑම වස විෂ වෙන්න පුළුවන්..

අද මේ ලග්න වල අය කන බොන කෑමෙන් පරිස්සම් වන්න..නැතිනම් කෑම වස විෂ වෙන්න පුළුවන්..


එලෙස විස්වාසය දිනා ගැනීමෙන් අනතුරුව මේ හරහා විශාල මුදලක් යොදවන ලෙසත් එය සිව්ගුණයකින් වැඩීවී නැවත ලැබෙන බවට පණිවුඩ ලබාදෙන නමුත් එලෙස විශාල මුදලක් යෙදවීමෙන් පසුව බැංකු ගිණුම වෙත මුදල් බැරවීමක් හෝ නැවත එම ආයතනය සමග සම්බන්ධවීමට හෝ නොහැකිවන බවට තොරතුරු අනාවරණයවී තිබේ.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, බොහෝ අවස්ථාවලදී මෙම මුදල් වංචාව නයිජීරියාව වැනි විදෙස් රටවල් ඔස්සේ මෙහෙයවන බවට වාර්තාවී ඇති බවත් මෙරට තුළ ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමක සිටින ව්‍යාපාරිකයන්, ඉංජිනේරුවන් වැනි පිරිස් මෙම වංචාවට හසුවී ඇති බවට අනාවරණයවී ඇති බවයි.

එමෙන්ම රුපියල් ලක්ෂ එකසිය හැටකට ආසන්න මුදලක් මේ සඳහා යොමුකළ පුද්ගලයකුද වාර්තාවී ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ.