ඔයා හැමවෙලාවෙම භාවිත කරන සෝෂල් මීඩියා ඔයාගේ සාර්ථකත්වයට භාවිත කරන්නේ කොහොමද?

Facebook TikTok
By Sithumini Jul 02, 2024 07:40 AM GMT
Report


සෝෂල් මීඩියා කියන්නේ ඔයා නිතරම භාවිත කරන දෙයක්නේ. ඔයා මේ වෙනකොටත් දන්නවා ඇති සමහර විට නොදන්නවත් ඇති. සෝෂල් මීඩියාවල ඔයා බලන හොයන දේවල් තමයි ඔයාට නැවත නැවත පෙන්වන්නේ.

ඔයා ඒකේ බලන්නේ ප්‍රගතිශීලි දේවල් නම් සතුටුදායක දේවල් නම් මෝටිවේශනල් දේවල් නම් ඔයාට නැවත නැවත ඒ දේවල්ම ඔයාගේ වෝල් එකට එනවා. ඒක තමයි සෝෂල් මීඩියාවල ඇල්ගෝරිදම් එක.

ඉතින් ඔයාගේ සාර්ථකත්වයට සෝෂල් මීඩියා ඇල්ගොරිදම් එක භාවිත කරන්නේ කොහොමද. සාර්ථකත්වය කියන්නේ අපේ හිත සමග බැදිච්ච දෙයක්. ඒක පදනම් වෙන්නේ සම්පූර්ණයෙන්ම තමන් හිතන පතන විදිය සහ තමන්ගේ හිත එක්ක. ඔයාට සාර්ථක වෙන්න ඕනිනම් ඔබේ හිත සාර්ථකත්වයෙන් පුරව ගන්න ඕනි.

සෑම විටම ඔයා සාර්ථකත්වයට යන ගමන වෙනුවෙන්ම හිත සකස් කරගන්න ඕනි. මේක කරන්න නම් සෝෂල් මීඩියත් අද වෙද්දි ඔයාට භාවිත කරන්න පුළුවන් .

ඒ කොහොමද. සෝෂල් මීඩියාවලින් prograssive, mortivational, happyness හෑශ්ටැග් භාවිතයෙන් යම් යම් දේවල් හොයන්න බලන්න කියවන්න. එවිට ඔබේ අවශ්‍යතාවය ඉබේම සෝෂල් මීඩියා ඔබට ලබා දෙනවා.

ඔබට නැවත නැවත අදාළ අන්තර්ගතම පෙන්වීමෙන් ඔබත් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය මූලිකම දේ ඔබේ හිත සාර්ථකත්වය වෙනුවෙන් සකක් කිරීමට පටන් ගන්නවා. එසේනම් අත්හදා බලන්න. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ සෝෂල් මීඩියා වෙනස් කරගෙන බලන්න.