මෙරට ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට.. (PHOTOS)
අද (29) සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
ඒ අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ශාන් ගනේගොඩ නැමැත්තා පටිගත කළ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ පැවැත් වූ දුරකතන සංවාදයක් පියත් නිකේෂල ඔහුගේ Youtube සමාජ මාධ්‍යයෙහි පලකර තිබීම හේතුවෙන් ය.
අදාළ වීඩියෝවේ ඇති මාතෘකාව නොමඟ යවන සුළු එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.
මේ වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මීට පෙර පියත් නිකේෂල 2023 වසරේ ජූනි 26 වැනිදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
ඒ 2022 වසරේ ජූලි 09 වන දා අරගලකරුවන් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වු අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදුකිරීමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දී ය.
Sponsored By Sarrita Jewellery