මෙරට සමාජ ජාලා මාධ්‍යයට රතු එළියක්..Tik Tok තහනම් කරයි?..
Sri Lanka
Social media
Nimal siripala de Silva
By Aruna
සමාජ ජාලා නියාමනය කිරීම සඳහා කාලය පැමිණ ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
අද වන විට සමාජ ජාල මගින් ඇතිවන සංස්කෘතික, ජාතික හා සමාජ ව්‍යසන පිළිබඳ සැලකිල්ලක් දැක්විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.
අද ටික් ටොක් නමින් සමාජ ජාලයක් ඇති බවත් මේ ආකාරයට සමාජ ජාලා තුළින් ඇතිවෙලා තිබෙන ව්‍යසනයන් පිළිබඳව රජය අවධානය යොමු කළ යුතු බවත් ඔහු කියා සිටියා.
නමුත් සමාජ මාධ්‍ය තහනම් කරන්නැයි තමා නොකියන බවත් මෙය නියාමනය සඳහා වැඩපිලිවෙලක් සකස් කල යුතු බවත් හෙතෙම සඳහන් කළා.
අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පණත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙසේ පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |