Laptop එක අධික ලෙස රත් වීම පාලනය කරන්නේ කොහොමද?
Laptop එකක් පාවිච්චි කරන ගොඩක් අය මුහුණ දෙන සුලබ ගැටලුවක් තමයි Laptop එක රත්වීම. වැඩ කරද්දී Laptop එකක් සාමාන්‍යයෙන් රත් වීමක් සිදු වෙනවා. නමුත් මේ අදහස් කරන්නේ නම් ඒක නෙවෙයි. අධික ලෙස රත්වීමයි.
Laptop එක උණුසුම් වී ගෙන එද්දීම ඔබට දැනගන්න පුළුවන් වෙන්නේ, Laptop එක fan එක එනම් විදුලි පංකාව සෑම විටම සම්පූර්ණ වේගයෙන් ධාවනය වෙනවා. ඒ වගේම වැඩ කරන අතරතුර ක්‍රියාකාරී වේගය අඩු වීම. ඒ කියන්නේ lap එක slow වීම ද සිදු වෙනවා.
ඉතින් අපි බලමු Laptop එකේ වැඩ කරනකොට අපිට එහෙම හීට් එක අඩු කරගන්න ප්‍රායෝගිකව කරන්න පුළුවන් මොනවද කියලා.
💻 කූලින් පෑඩ් එකක් භාවිතා කරන්න.
💻 දිවා රෑ නැතුව ලැප්ටොප් එක on එකේ තියන්න එපා. වැඩේ ඉවර වුණ ගමන් shutdown කරන්න. ඊට පස්සේ ආයේ ඕන වන විට විතරක් on කරන්න.
💻 Laptop එක හැම වෙලේම ඒකේ තියෙන උෂ්ණත්වය පිට වෙන විවර අවහිර නොවෙන විදියට තියන්න.
💻 කාලගුණය මේකට බලපානවා. ඒ නිසා Laptop එක පාවිච්චි කරනවා නම්, ටිකක් අඩු උෂ්ණත්වයක් තියෙන තැනක් ඒකට තෝරගන්න.
💻 Machin එක ස්ටක් වෙවී දුවන විදියේ වැඩ ගොඩක් එක පාර කරන්න එපා. එතකොටත් lap එක ගොඩක් රත් වෙනවා.
💻 මාස දෙක තුනකට සැරයක්වත් අනවශ්‍ය සොෆ්ට්වෙයාර් අයින් කරන එක, ඊට පස්සේ ඩිස්ක් ක්ලීන්-අප් එකක් කරලා, ඩිස්ක්-ඩිෆ්‍රැග්මන්ටේෂන් එකක් කරලා, රතු කට්ට පනින්නම හාඩ් එක පිරිලා නම් පොඩ්ඩක් ඒ බර අඩු කරලා lap එක clean කරන්න.
💻 Laptop අලුත්වැඩියා කරන තැනකට ගිහින් හෝ ඔබ දන්නවා නම් හෝ හරි පරිස්සමට Laptop එක clean කරලා service කරගන්න. ඇතුලේ කුණු රොඩු අනං මනං රැඳිලා තියෙන පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |