ගොළුබෙලි කරදරයෙන් ඔබේ වගාවන් ආරක්ෂා කරන්න ක්‍රම 3ක්.
වත්තේ බෝගයක් දෙකක් , මල් ගහක් දෙකක් හැදීගෙන එද්දී ගොළුබෙල්ලෝ ඒවා තියන්නේ නැහැ නේද? මේක ගොඩක් අයට තියෙන ගැටළුවක්. උදේ පාන්දර නැගිටලා බලද්දී පැල වල ළපටි දළු සේරම කාලා විනාශ කරලා. ඉතින් ඔබේ මහන්සිය අපතේ යන්න දෙන්නේ නැතිව ගොළුබෙලි කරදරයෙන් ඔබේ වගාවන් ආරක්ෂා කරගන්න පුංචි ක්‍රම කිහිපයක් හඳුන්වලා දෙන්නම්.
01
🐌 පරණ කිරි හට්ටියක් හෝ පරණ ඇතිලියක් අරගෙන ගෙවත්තේ මුල්ලක තැබූ ගල් කැට තුනක් මත මුනින් අතට හරවා තබන්න.
🐌 ඒ අසල වතුර දමා හොඳින් තෙත් කරන්න.
🐌 බොහෝවිට ගොළුබෙල්ලන් දිවා කාලය ගතකරන්න යෝදාගන්නේ අඳුරු, සීතල, තෙතමනය හොඳින් තිබෙන ස්ථානයි.
🐌 ඒ නිසා ගොළුබෙල්ලන් මෙම හට්ටිය තුලට සැඟවී සිටින්න පුළුවන්.
🐌 දවල්ට ඒ ගොළුබෙල්ලෝ ටික එකතු කරලා ගෙදරින් ටිකක් ඈත කැලෑබද ප්‍රදේශයකට ගිහින් දාන්න.
02.
🐌 පැතලි ප්ලාස්ටික් පියනක් අරගෙන කට මට්ටම දක්වා පොළවේ වලලන්න.
🐌 පියන මතට සීනි මේස හැඳි 3ක් පමණ දමා යීස්ට් ස්වල්පයක් එකතුකරන්න.
🐌 පියනේ අඩක් විතර උසට වතුර දමන්න.
🐌 වතුරේ දියවෙන සීනි, යීස්ට් මගින් මධ්‍යසාර බවට පත්කරනවා.
🐌 රාත්‍රී කාලයේ කෑම සොයා යන ගොළුබෙල්ලන් ඇල්කොහොල් වල සුවඳ නිසා උගුල වෙතට ආකර්ශණය වෙනවා.
03.
🐌 කෝපි කෝප්පයක් පිළියෙල කරද්දී ඉවත දමන කෝපි කුඩු බෝග පැල වටේට ඉසින්න.
🐌 කෝපි වල තියෙන කැෆේන් නැමති සංයෝගය ගොළුබෙල්ලන් විකර්ෂණය කරනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |