මොනවද මේ කොරියානු තරුණියන් ලස්සන වෙන ස්නේල් මියුසින්..
Skin Care
Mysskin
By Sithumini
ස්නේල් මියුසින් කියන්නේ ගොලු බෙලි සාරයෙන්. ගොලු බෙල්ලෝ කියන්නේ බොහෝ දෙනා දැක්කත් අප්‍රිය කරන දෙයක්නේ.
ඉතින් ඔබ හිතුවද ගොලුබෙලි සාරයෙන් ඔබ නොසිතූ ලෙස ලස්සන වෙන්න පුලුවන් කියලා. මේක ඇත්තෙන්ම කොරියානු තරුණියන්ගේ රහසක්.
කොරියානු රූපලාවණ්‍ය ද්‍රවය සදහාත් මේ ගොලුබෙලි සාරය යොදාගන්නවා. මෙම ගොලු බෙලි සාරය සමට සුවිශේෂි වූ ප්‍රයෝජන රැසක් අත්කර දෙනවා.
සම නිරෝගි කිරීම
සමෙහි ලප කැළැල් ඉවත් වීම
සම සිනිදු කිරීම
සමෙහි කොලජන් නිශ්පාදනය වැඩි කිරීම
සම පැහැපත් කිරීම
මෙවැනි ප්‍රයෝජන සහිත ගොලුබෙලි සාරය අපේ සමට ලබා ගන්නේ කෙසේද?
ස්නේල් මියුසින් සහිත ආලේපන භාවිත කිරීම
ස්නේල් මියුසින් මාස්ක් මගින්
ඔබත් කොරියානු තරුණියන් භාවිත කරන මේ ස්නේල් මියුසින් භාවිත කර ඔබේ සමත් ලස්සන කරගන්න