පොදු ස්ථානවල දුම් බොන්නන්ට වැඩ වරදී.. සෙවීමට නව ජංගම දුරකතන යෙදවුමක්.
Sri Lanka
Smoking
Comment places
Smart Mobile App
By Aruna
පොදු ස්ථානවල දුම්වැටි භාවිතා කරන පුද්ගලයන් සෙවීම සඳහා නව ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා.
ඒ, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි.
ඒ අනුව මෙම යෙදවුම බාගත කරගෙන පොදු ස්ථානවල දුම්වැටි භාවිතා කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඕනෑ ම අයෙකුට දැනුම් දිය හැකි වනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා කියා සිටියේ, ඉදිරියේ දී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ පනත සංශෝධනය කිරීමටද කටයුතු කරන බවයි.
මෙරට දුම්වැටි භාවිතය අවම කිරීමේ අරමුණින් දුම්වැටි මිල වාර්ෂිකව ඉහළ නැංවීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් හඳුන්වා දී ඇති දුම්වැටි බදු සූත්‍රය ද මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |