ජංගම දුරකථන මිල දැනෙන ගාණකින් පහළ බසී..බද්දත් එකවරම පහත දමයි..
iPhone
Smart Phones
India
Mobile Phones
By Aruna
ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු 20% සිට 15% දක්වා පහත දැමීමට ඉන්දියාව තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය ඉදිරිපත් කළ මංගල අයවැය මගින් මෙම පියවර ගෙන ඇති බවයි සදහන් වන්නේ.
විශ්වාස කරන්නේ මෙම පියවර ඍජුවම අමෙරිකානු ඇපල් අයිෆෝන් ඉන්දියාව තුළ වැඩි වශයෙන් අලෙවි වීමට හේතුවනු ඇති බවයි.
මේ අතර තොරතුරු වාර්තා වන්නේ, Apple සමාගම සිය ප්‍රථම නැමිය හැකි (foldable) iphoneයක් 2026 වසරේ වෙළඳපොළට හදුන්වාදීමට නියමිත බවටයි.
මේ අනුව ඉහළ ගිය ජංගම දුරකථන මිල ගණන් දැනෙන ගණනකින් අඩු වේයයි බොහෝදෙනෙක් අපේක්ෂා කරයි.