සියලුම ජංගම දුරකථන වල මිල අඩු කරයි?..
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රතිලාභ ජංගම දුරකථන සහ උපාංග අලෙවිය හරහා ලබා දීමට නොහැකි බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය (ACCOA) පවසනවා.
එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, අඩු මිලට කිසිවක් නොලැබෙන බවයි.
එමෙන්ම මීට පෙර රුපියල් 1500ට අලෙවි කළ මූලික ජංගම දුරකථනය තවමත් පවතින්නේ රුපියල් 4500 සීමාවේ බවද ඔහු සඳහන් කළා.
මේ අතර අනෙකුත් ජංගම දුරකථන වර්ගවලට වෙළඳ පොළ තුළ ඇත්තේ අධික මිලක්.
ඩොලරයේ අගය අඩු වීමෙන් පසු මහා පරිමාණ ආනයනකරුවන්ට කිසිදු සහනයක් ලැබී නොමැති බව සඳහන්. මේ හේතුවෙන් කුඩා පරිමාණ විකුණුම්කරුවන්ට කිසිදු සහනයක් ලබා දීමට නොහැකි බව ඔහු පවසනවා.
මේ ගැටළුව සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) හෝ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මැදිහත් වී නියාමනය කළ යුතු බවද සඳහන්.
නමුත් ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රතිලාභය ජනතාව වෙත ලබා දෙන බව රජය පසුගියදා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |