ලක්ෂ ගාණක් වටින තරුණයෙකුගේ ජංගම දුරකථනය තරුණියක් පැහැරගෙන යයි..
මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමක් අනුව ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පැමිණ එය පරීක්ෂාකර බැලීමට යයි කියා ඉල්ලා ගෙන එය රැගෙන පළා ගියේ යෑයි කියන 25 හැවිරිදි තරුණියක් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි විදෙස්ගත වන අයදැනුවත් කිරීමේ දේශන පැවැත්වීමේ නිරතව සිටින තරුණියක් බවයි පොලීසිය පවසන්නේ.
තරුණයා සන්තකයේ තිබී ඉල්ලා ගෙන පලා ගිය බව කියන රුපියල් එක් ලක්ෂ විසි දහසක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
පැමිණිලිකාර තරුණයා ඔහුගේ ජංගම දුරකථනය විකිණීම සඳහා මුහුණු පොතේ දැන්වීමක් පළකර ඇති බවයි පැවසෙන්නේ.
ඔහු විසින් මුහුණු පොතේ පළ කර තිබූ එම දැන්වීම දුටු සැකකාර තරුණිය එය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර කලින් කතා කරගත් පරිදි එය මිලදී ගැනීමට ගම්පහ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික දුරකථන සමාගමක ශාඛාවක් ඉදිරිපිටට පෙරේදා( 3)පැමිණ ඇතැයි තිබේ.
දුරකථනය පරීක්ෂාකර බැලීමට යැයි කියා තරුණයාගෙන් ඉල්ලා ගෙන තරුණිය පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.