පෙර පාසල්වලට SLS ප්‍රමිති හඳුන්වාදෙයි

Education Latest Headlines Saroja Savithri Paulraj Sinhala news SLS certificate
By R.rishma Oct 08, 2026 01:16 PM GMT
Report

2027 වසරේ සිට පෙර පාසල්වලටත් SLS ප්‍රමිති හඳුන්වා දෙන බවත් 2027 මුල් ළමාවිය ක්ෂේත්‍රය තුළ පරිවර්තනීය වසරක් බවට පත්වෙන බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ අද (08) පැවති 2027 වසරට අදාළ නව ඉළක්ක සමාලෝචනයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය. සමස්ථ අමාත්‍යාංශයේ සියලු ආයතනයන්හි 2026 වසරේ මේ දක්වා ප්‍රගතිය සහ 2027 වසරේ අපේක්ෂිත නව ඉළක්ක පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවිය.

මුල් ළමාවිය පෝෂණය, අධ්‍යාපනය සහ රැකවරණය පිළිබඳ අපේක්ෂිත ඉළක්ක අනුව 2027 වසරේ මුල් භාගය තුළ පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතන සමග එක්ව සම්පාදනය කෙරෙන අතර ඊට සමාගාමීව පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික ප්‍රමිති හඳුන්වාදීම ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන සමඟ එක්ව සිදුකරමින් සිටී.

Clean Sri Lanka, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය සමඟ එක්ව මෙම වසර ආරම්භයේ හඳුන්වා දුන් පෙර පාසල් දරුවන්ගේ චර්යාත්මක සxවර්ධනය සහ ධනාත්මක ආකල්ප ඉහළ නැංවීම උදෙසා වන Step – Up ව්‍යාපෘතියේ මීළඟ අදියර ද එළැඹෙන වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව 2025 වසරේ මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව හඳුන්වා දෙමින් ඇරඹි මුල් ළමාවිය ක්ෂේත්‍රය විධිමත් අධ්‍යාපන අවධියක් බවට පරිවර්තනය කිරීමේ මෙහෙයුම එලැබෙන වසර තුළ එහි කූඨප්‍රාප්ති අවස්ථාවට ළඟාවන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.