ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් හදිස්සියේ කැඳවීමක්..!

SLPP Gotabaya Rajapaksa Sri Lanka Podujana Peramuna Sri Lankan political crisis
By Sewvandhi May 30, 2022 08:58 AM GMT
Report

යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීමට ජනාධිපතිවරයා එම මන්ත්‍රීවරු අද (30) පස්වරුවේ ජනාධිපති මන්දිරයට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ටද මේ සඳහා ආරාධනා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර, යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මල්වතු පාර්ශ්වයේ මහා සංඝ සභාවද දැනුවත් කර තිබේ.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමි බැහැදැක ඊයේ (29) කරුණු පැහැදිලි කළේය.

අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් බැහැ දැකීමට පැමිණියද, උන්වහන්සේ කිසිදු දේශපාලනඥයෙකු හමු නොවීමට තීරණය කර ඇති නිසා එම අවස්ථාව අමාත්‍යවරයාට අහිමිවිය.

අනතුරුව අමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල හිමි ප්‍රමුඛ මහා සංඝ සභාව හමුවී යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now