පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ධම්මික පෙරේරා..? රහස් ආරංචි මාර්ග
                                    
                    Election Commission of Sri Lanka
                
                                                
                    SLPP
                
                                                
                    Presidential Update
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    එළඹෙන ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ අපේක්ෂකයා ලෙස තරග කිරීම සදහා නිල වශයෙන් ධම්මික පෙරේරා මහතා පත් කරන බව වාර්තා වනවා
. එම තීරණය එළැඹෙන 7වැනිදා පවත්වන සුවිශේෂි උත්සවයකදි දැනුම් දීමට සූදානම්වන බවයි වාර්තා වන්නේ. මේ බව සතිඅන්ත පුවත් පතක්ද වාර්තා කර තිබුණා.
පොහොට්ටුව නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පක්ෂ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මේ සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම ඊයේ පියල් නිශාන්ත මහතාද පොහොට්ටුවේ අපේක්ෂකයා කව්රුන්ද යන්න ඉගි පළ කළ අතර ඔහුගේ ප්‍රදේශයේම පුද්ගලයෙකු බව සදහන් කළා.
ඉන්ද ගම්‍ය වන්නේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ධම්මික පෙරේරා මහතා වන බවයි.