රනිල් පොදු ජන පෙරමුණේ සහය අහිමි වීමෙන් පොදු ජන පෙරමුණ කැඩෙන අයුරු...

Sri Lanka Politician Sri Lankan political crisis Election Presidential Update
By Sithumini 6 months ago
Report


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා නොදෙන බව අද ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැස්වීමෙන් අනතුරුවයි.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කළා.

එහෙත් ඔවුන් අද ඔවුන් කියා සිටියේ එම තීරණය ලබන මස 5 හෝ 6වැනිදා ප්‍රකාශ කරන බවයි. අද පොදු ජන පෙරමුණ ජනපති රනිල් වික්‍රමසිංහට සිය සහාය පළනොකරන බව ප්‍රකාශ කිරිමත් සමග අද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සිය කණස්සල්ල පළ කරනවා.

විශේෂයෙන්ම ඒ අතරින් බහුතරයක් මේවන විට අමත්‍ය ධුරවල සිටින පිරිසක්. ඔවුන් අද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේවන විට විශාල අර්බුදයක් ඇතිව තිබෙනවා.

එමෙන්ම අද පොදුජන පෙරමුණ ලබාදෙන තීරණයට සහාය ලබා නොදෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා.