ජැෆ්නා කිංග්ස් සමඟ ගිවිසුම අවලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරයි
Cricket
Jaffna Kings
Sinhala news
gagana news
Special Announcement
By R.rishma
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ පවතින ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ බවට වන චෝදනා පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ක්‍රීඩකයන්ට ගෙවීමට ඇති හිඟ මුදල් පියවීම ඇතුළුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට අදාළ සියලුම මූල්‍ය හා පාලන වගකීම් තරගාවලි සංවිධායක හිමිකාරීත්වය දරන සමාගම විසින් භාරගත යුතු බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.