මුළු ඇගේම පැහැය වැඩි වෙන ස්වාභාවික වට්ටෝටුව.. ඔබත් අත්හදා බලන්න..

Skin Cancer Skin Care Mysskin
By Sithumini Dec 20, 2024 01:59 PM GMT
Report

ලංකාවේ කාන්තාවන්ගේ පැහැය ගැන සලකා බැලිමේදි බොහෝ දෙනෙකුට තියන්නේ තලෙළු සහ දුඹුරු පැහැයට හුරු සමක්.

ඒ නිසාම බොහෝ දෙනෙකුට තියෙන අවශ්‍යතාවයක් තමයි තමන්ගේ හමේ පැහැය වැඩි කර ගැනීම. තමන්ගේ හමේ පැහැයවැඩි කරගැනීම වෙනුවෙන් බොහෝ තරුණියන් නොකරන දෙයක් නැහැ.

නමුත් එලෙස හමේ පැහැය වැඩි කර ගැනීම වෙනුවෙන් ඉතාම අහිතකර ක්‍රීම් වර්ග භාවිත කරන්නත් ඇතැම් කාන්තාවක් පෙළඹිලා තිබෙනවා.

එවැනි දේ නිසාම බොහො තරුණියන්ගේ හමට දැඩිලෙස හානි සිදුව තිබෙන අවස්ථාත් බොහෝයි.

එසේනම් බොහේ දෙනෙකුට වැදගත් වෙන කාරණයක් ලෙස අපි අද ගෙන ආවේ හමේ පැහැය වැඩි කරගැනීමට වැදගත් වෙන ස්වාභාවික වට්ටෝරුවක්.

අවශ්‍ය ද්‍රව්‍ය

කෝපි කුඩු තේ හැදි දෙකක්

කඩල පිටි තේ හැදි දෙකක්

මුදවපු කිරි තේ හැදි දෙකක්

දෙහි තේ හැදි 1/2ක්

මී පැණි තේ හැන්දක්

සාදාගන්නා ආකාරය

ඉහත සදහන් කළ ද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර විනාඩි 2ක් පමණ තබන්න. අනතුරුව තමන්ගේ ශරීරයේ ගල්වා විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට දෙවරක් සිදුකරන්න. 

ඕනෑම සත්කාරයක් ඔබේ හමට සාර්ථකව ප්‍රතිඵල ලබා ගැනීමටනම් ඔබ ඉතා හොදින් ජලය පානය කිරීම ඉතාම වැදගත් වෙනවා. 

ඉහත වට්ටෝරුව සති කිහිපයක් භාවිත කර ඔබේ සමේ පැහැයේ ඇතිවන වෙනස්කම බලන්න.