ඔබව නිරෝගිමත් කරන පුදුම හිතෙන විශ්මිත මුදවපු කිරිබත (Curd Rice) - බලන්නකෝ ගෙදර දී ම ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා.. දිගටම ආහාරයට ගත්තොත් ලැබෙන විශ්මිත ප්‍රතිඵල ගැන ඇහුවොත් ඔබ පුදුම වේවී.

Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes
By krishani Nov 14, 2023 01:24 PM GMT
krishani

krishani

in රචනා
Report

40 න් පස්සෙත් ඔයා නිරෝගීව ඉන්න ඕන එක ඇත්තටම වටිනවා.

එහෙනම් හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න.

ගැස්ට්‍රයිටිස්, බඩේ අමාරු, කොන්ද අමාරු, ඔලුවෙ කැක්කුම්, ගර්භාෂය ආශ්‍රිත ගැටළු, ඇස් පෙනීමේ දුර්වලතා, මුත්‍රා ආසාදන, ආහාර දිරවීමේ ප්‍රශ්න, මානසික ප්‍රශ්න මේ හැම දෙයකටම ලොකුම හේතුව තමයි නිසි පෝෂ්‍යදායි ආහාර රටාවක් නොමැති කම.

ඔබට නිරෝගිමත් ජීවිතයක් අවශ්‍ය නම් ඔබ පෝෂ්‍ය පදර්ථ වලින් සපිරුන ආහාර ඔබේ ජීවිතයට නිරන්තරයෙන්ම තෝරාගත යුතු වේ.

ඉතිම් ඉඟුරු, සුදුළූණු, තක්කාලි, දෙළුම්, කෙසෙල්ගෙඩි, අලිගැටපේර, කැරට්, නිවිති ආදී ආහාර වර්ග ඔබේ ජීවිතයට නිතර නිතර එකතු වෙනවා නම් ඔබේ නිරෝගි වීමේ සිහිනය වැඩි ඈතක නෑ.

අද අපි කියන්න යන්නේ එවැනි පෝෂ්‍ය ගුණයෙන් අනූන සුපිරි ආහාරයක් වන කර්ඩ් රයිස් (Curd Rice) හෙවත් මුදවපු කිරිබත් ගැනයි.

බත් කන්න පුරුදු වුන අපේ කටට මේ රසවත් බත හරිම අපූරු අත්දැකීමක් වේවි.

කාන්තාවකගේ සම්පුර්ණ නිරෝගී කමට බලපාන ප්‍රධාන හේතුවක් තමයි ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන විවිධ සංකූලතා.

සම අවපැහැ ගැන්වීම, සම කළු වීම, සම එල්ලා වැටීම, දෑස් බොර පාට වීම, මල පිටකිරීමේ දී රුධිරය පැමිණීම, බඩපිපුම, උගුරට ඒම, ඉස්මුරුත්තාව, ගැස්ට්‍රයිටිස්, ආහාර රුචිය නොමැතිකම, කලන්තය, පණ නැතිකම ආදී සුලභ රෝග රැසකටම මේ මුදවපු කිරිබත ඉතාම ගුණයි.

මෙය හැම උදයකම වගේ ඔබේ ආහාරයට එක්කරගෙන බලන්න.

ශරීරයේ ඇතිවන වෙනස ඔබම අත්විඳින්න.

🔴 කර්ඩ් රයිස් හදාගන්න අවශ්‍ය දේවල්,

🔷. පිසගත් බත් කෝප්ප 02 ක් (ටිකක් බෙරි වෙන්න තම්බාගන්න)

🔷. අලුත් රස නොකළ මුදවපු කිරි කෝප්ප 03 ක් (රස නොකළ යෝගට් උනත් ගන්න පුළුවන්)

🔷. අමුමිරිස් කරල් 02 ක් (දිග අතට පලාගන්න)

🔷. අඟලක ඉඟුරු කැබැල්ලක් (සිහින්ව ලියාගන්න)

🔴 තෙම්පරාදුව සඳහා අවශ්‍ය දේවල්,

🔷. තෙල් තේ හැඳි 02 ක්

🔷. අබ තේ හැඳි 1/2 ක්

🔷. උළුඳු ඇට තේ හැඳි 1/2 ක්

🔷. තෝර පරිප්පු තේ හැඳි 1/2 ක්

🔷. වියළි මිරිස් කරල් 02 ක් (යන්තමට පලාගන්න)

🔷. කරපිංචා කොළ 20 ක් පමණ

🔷. පෙරුම්කායම් කුඩු තේ හැඳි කාලක්

🔷. රස අනුව ලුණු

🔴 කර්ඩ් රයිස් හදාගන්න ආකාරය,

01. බත්, මුදවපු කිරි සහ ලුණු එකට මුසුකර හොඳින් මිශ්‍ර කරන්න. ටිකක් හැන්දේ පිට පැත්තෙන් පොඩි කරන්න.නමුත් ගොඩක් කරන්න එපා.

02. දැන් මේ මුදවපු කිරි මිශ්‍රණයට ඉඟුරු සහ අමුමිරිස් එකතු කරන්න. පසෙක තබන්න.

03. දැන් නන්ස්ටික් පෑන් එකක් ගන්න.එයට තෙල් හැඳි දෙකක් දමන්න. තෙල් රත්වී ගෙන එද්දී එයට අබ ඇට එකතුකරන්න. අබ ඇට පුපුරාගෙන එද්දී එයට උළුඳු ඇට සහ තෝර පරිප්පු ඇට එකතු කරන්න.

එය රන්වන් පැහැයට හැරීගෙන එද්දී එයට වියළි මිරිස් කරල් සහ කරපිංචා කොළ එකතු කරන්න. විනාඩියක් බැද ගන්න.

දැන් මෙම තෙම්පරාදුවට පෙරුම්කායම් කුඩු එකතුකරන්න. ඒත් සමඟම ලිප වසා හැකි ඉක්මණින් මේ තෙම්පරාදු මිශ්‍රණය සකසාගත් මුදවපු කිරිබත් මිශ්‍රණයට එකතු කරන්න.

දැන් හොඳින් මිශ්‍ර කරන්න. ලුණු රස බලා ලුණු එකතු කරන්න. අවශ්‍ය නම් උඩින් ලියාගත් කොත්තමල්ලි කොළ ඉස ආහාරයට ගන්න.

මෙසේ සකසාගත් කර්ඩ් රයිස් උණුවෙන්ම හෝ සීතල කර ආහාරයට ගන්න පුළුවන්.

කර්ඩ් රයිස් හෙවත් මේ තයීර් සාදම් ශරීරයට කොච්චර ගුණදායකද කියලා තේරෙන්නේ ඔයා දිගටම මේක ආහාරයට ගත්තොත් තමයි.

ඒ නිසා මේක එදිනෙදා ආහාර වේලේ කෑමක් බවට පත්කරගන්න.

උපුටා ගන්නා ලද්දකී.